ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන සංවර්ධන ප්‍රමුඛතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහය හිමිවන 2018 - 2022 එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන රාමුව සඳහා ශ්‍රී ලංකා රජය හා එක්සත් ජාතීන් අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ක්‍රියාරාමුව වෙනුවෙන් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.අයි.එම්. රෆීක් සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හා ඒක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත උනා මැක්කවුලේ මහත්මිය විසින් මෙම ගිවිසුමට අත්සන් තැබීම අද (03දා) සිදුවිය.
මෙම අවස්ථාවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කලාපිය අධ්යක්ෂ හඕලියෑන්ග් ෂූ යන මහත්වරුන්ද සහභාගී වූහ.