යහපාලන ආණ්ඩුව යටතේ නවතා දැමූ එක් ව්‍යාපෘතියක් හෝ ඇත්නම් එය නම් කරන ලෙසත්, පසුගිය ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වෙමින් පැවති කිසිදු විධිමත් සංවර්ධන ව්‍යාපෘතියක් කිසිදු ආකාරයේ නවතා දැමීමකට, අඩපණ වීමකට ලක්ව නොමැති බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ පවසා ඇත්තේ යහපාලන ආණ්ඩු පාලනය තුළ රැකියා විසි ලක්ෂයක් පමණ අහිමි වී ඇති බවටත්, සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපෘති වත්මන් පාලනය තුළ නවතා දමා ඇති බවටත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා මාධ්‍යයේ දක්වා ඇති අදහසකට ප්‍රතිචාර වශයෙනි.
ඔපෙක් සංවිධානය අතර පසුගියදා අත්සන් තැබූ ණය ගිවිසුම ඊට ආසන්නතම නිදසුන බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි. එහිදී, මධ්‍යම හා නැගෙනහිර පළාත් යා කෙරෙන පේරාදෙණිය, බදුල්ල හරහා චෙන්කලාඩි මාර්ග සංවර්ධනය වෙනුවෙන් අදාළ ණය මුදල ලබාගැනෙන අතර, එය ඇ.ඩො.මිලියන 60කි. මේ සඳහා වසර 5ක සහන කාලයක් සමග ගෙවා නිම කිරීමට වසර 20 කාලයක් වැය කළ හැකි බවත්, පොලිය 2.5෴ ක් බවත් අමාත්‍යාංශය කියයි.