දේශීය සංචාරක කර්මාන්තය නැංවීම සඳහා වන ‘සංචාරක උදාව - 2014’ ප්‍රදර්ශනය හා සම්මේලනය, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී අද (27දා) ආරම්භ විය.
සංචාරක ක්ෂේත්රයේ නියුතු පිරිස් ජාලගත කිරීමේ අරමුණින් පවත්වන මෙම ප්‍රදර්ශනය හා සම්මේලනය ‘A Tourism Products Meet Mart’ යන තේමාව යටතේ අද (27දා) සහ හෙට (28දා) පැවැත්වේ. මෙය ශ්‍රී ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය (SLAITO) හා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය ඒකාබද්ධව සංවිධානය කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එස්. ජයවීර මහතා පවසයි.
මෙම ප්‍රදර්ශනය තුළින් දේශීය සංචාරක කර්මාන්තයට අදාළ භාණ්ඩ හා සේවා සියල්ල එකම වේදිකාවක දී දැකගත හැකි වේ. එහි මූලික අභිප්‍රාය වන්නේ විශේෂිත ක්රමෝපායන් ඉදිරිපත් කරන්නා වූ සුළු, මධ්‍ය පරිමාණ හා ඒක පුද්ගල ව්‍යාපාර වෙළඳුන් නිර්මාණය කිරීම සහ සවිබල ගැන්වීමයි.