ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය උපරිම සහාය ලබාදීමට ජපානය පොරොන්දු වූ බවත්, ඒ සඳහා අවශ්‍ය සහාය අංශ රැසකින් ලබාදීමට සූදානම් බව ජපාන අග්‍රාමාත්‍ය ෂිනසෝ අබේ මහතා ප්‍රකාශ කළ බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
G7 සමුළුවට සමගාමීව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ජපානයේ සංචාරයක නිරතව සිටින මුදල් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේය.
යෙන් බිලියන 38ක ණය මුදලක් ලබාදීමට ජපානය තීරණය කිරීමත්, මීට අමරතව කෘෂි කර්මාන්තයේ දියුණුවට තාක්ෂණික සහාය මෙන්ම, වරාය සංවර්ධනයට හා විවිධ ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීම සම්බන්ධයෙන් කැමැත්ත පළ කර ඇති බවද අමාත්‍යවරයා පවසා සිටියේය.