ආයෝජන මණ්ඩලය සහ ආර්ථික සංවර්ධන මණ්ඩලය වෙනුවට සංවර්ධන ඒජන්සියක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේය.
අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ස්ව්ට්සර්ලන්තයේ ඩවොස් නගරයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව පැවැති ශ්‍රී ලංකා ආයෝජන සමුළුව අමතමිනි.
ශ්‍රී ලංකාව වසර දහස් ගණනාවක් තිස්සේ ආසියාවේ වෙළෙඳ හා ආර්ථික කේන්ද්‍රය ලෙස කීර්තියක් දිනා සිටි බවත්, යළිත් ඒ අතීත ශ්‍රී විභූතිය ශ්‍රී ලංකාවට දිනා දීම සඳහා රජය විසින් විධිමත් හා ක්‍රමවත් ආර්ථික සැකසුමක් දියත් කරමින් සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා අවධාරණය කළේය.