ශ්රී ලංකාව සංචාරක උදානයකට සැරසෙයි - China Daily
චීනයේ පළ කෙරෙන ප්රධාන පෙළේ පුවත්පතක් වන 'චයිනා ඩේලි' (China Daily) පුවත්පත විසින් ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය සම්බන්ධව පලකරන ලද සිය නවතම ප්රකාශනය මගින් ශ්රී ලංකාව සංචාරක උදානයකට සැරසෙන බව පෙන්වා දී තිබේ.
එහි දැක්වෙන්නේ වර්ෂ 2016 වනවිට සංචාරක කර්මන්තය ශ්රීලංකාවේ ප්රධානතම විදේශීය විනිමය උපයන ආදයම් මාර්ගය බවට පත්වනු ඇති බවය. ඒ සදහා චීන සංචාරකයන්ගේ සහ අයොජකයින්ගේ දායකත්වය උපරිමයෙන් ලබාගැනීමට ශ්රී ලංකා රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බවද ඉන් කියැවී තිබේ.
එසේම ශ්රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස චීන ජාතිකයන් අතර ඉතා වේගයෙන් ප්රචලිතවෙමින් පවතින අතර ශ්රීලංකාවේ සුන්දර මුහුදු වෙරළ, නිල් කඳු වැටි, පෞරාණික ශ්රී විභුතිය සහ දුර්ලභ වන ජීවීන් සම්බන්ධ අත්දැකීම් විදගැනීමට චීන ජාතිකයින් වඩාත් ප්රිය කරන බවද 'චයිනා ඩේලි' පුවත්පතේ වැඩිදුරත් දැක්වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

