තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර පවතින ආනයන අපනයන කටයුතු තවදුරටත් ප්‍රවර්ධනය සඳහා අවස්ථාව උදා වී ඇති බව ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති තොන්කා ඔෂ්කඩර් පවසා තිබේ.
අද (22දා) පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අමාත්‍ය රවි කරුණානායක මහතා හමු වූ අවස්ථාවේදී තුර්කි තානාපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතාට සුභ පැතුම් එක් කළ තුර්කි තානාපතිවරයා දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට කාලය එලඹ ඇති බවද පවසා තිබේ.