තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව නව ගමනක් යාමට ආරම්භ කර ඇති මොහොතක එහි සියලු වැසියන්ට සංවර්ධනයේ ප්රතිලාභ ලැබීමට සලස්වා ඇති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කලාපයේ ජීවත් වන ජනයා එහි සංවර්ධන වේගයට වැඩි වේගයකින් වයසට යමින් සිටින බැවින් ඔවුන් වෙනුවෙන් අවශ්‍ය සමාජ යටිතල පහසුකම් සැපයිය යුතුව ඇති බවයි.
මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ තායිලන්තයේ බැංකොක් නුවර දී පසුගිය දා ආරම්භ වූ ආසියා පැසිෆික් රටවල සංවර්ධනය සඳහා මූල්‍ය සම්පාදනය යන මැයෙන් ආසියා පැසිෆික් රටවල් සඳහා එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිෂන් සභාව විසින් සංවිධානය කරන ලද 4 වැනි ඉහළ පෙළේ සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය පවත්වමිනි.