2015 වසරේදී එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ආනයනය කළ භාණ්ඩවල වටිනාකම ඇ.ඩො.බිලියන 2.9ක් බවත්, මෙය ඊට පෙර වසරට සාපේක්ෂව දළ වශයෙන් 7%ක වැඩිවීමක් බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කේෂප් පවසයි.
එමෙන්ම, 2015 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජනපද අපනයනවල වටිනාකම ඇඩො.මිලියන 360ක් පමණ වන බවත්, ඊට පෙර වර්ෂය හා සසඳන විට එහි 3%ක පමණ වැඩි වීමක් පෙන්වන බවත් හෙතෙම වැඩිදුරටත් පවසයි.
මෙම ප්‍රවණතාව සැලකිල්ලට ගෙන දෙරට අතර වෙළෙඳ පොළ සහයෝගීතාව තවදුරටත් තියුණු කිරීමේ පියවර ගැනීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දෙයි.