ශ්‍රී ලංකාව සමග තාක්ෂණ ගිවිසුමකට එළැඹීමට තමන් අපේක්ෂා කරන බව මයික්‍රොසොෆ්ට් ඉන්ටර්නැෂනල් සමාගමේ සභාපති ජෝන්–ෆිලිප් කෝටිෂ් මහතා පවසා සිටියේය.
ස්විට්සර්ලන්තයේ, ඩාවෝස් නුවර පැවති ලෝක ආර්ථික සමුළුව 2016 අතරතුර ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින් මයික්‍රොසොෆ්ට් සභාපතිවරයා මෙසේ පවසා සිටියේය.
මෙම ගිවිසුම ඔස්සේ ශ්‍රී ලංකාවේ ප්රගමනය පිණිස නව පරම්පරාවේ තාක්ෂණය හඳුන්වාදීමටත්, තොරතුරු තාක්ෂණ, අධ්‍යාපන හා සමාජ ආරක්ෂණ ක්ෂේත්රයන් ඩිජිටල්කරණය කිරීම සඳහා පූර්ණ සහයෝගය ලබාදීමටත් ක්‍රියාකරන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
එමෙන්ම, මේ පිළිබඳව කරුණු අධීක්ෂණය කිරීමට විශේෂඥ කණ්ඩායමක් ඉතා ඉක්මණින් ශ්‍රී ලංකාවට එවීමට මයික්‍රොසොෆ්ට් සමාගම ක්‍රියාකරනු ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
තාක්ෂණයේ දියුණුවත් සමග පුරවැසියන් වෙත සෘජුවම තොරතුරු සංනිවේදනය කරලීමේ පහසුකම් ඇති වන බැවින්, ඒ පහසුකම් සමාජ ප්රගමනය සඳහා උපයෝගී කරගත හැකි ආකාරයන් පිළිබඳවද මේ සාකච්ඡාවේදී සලකා බැලිණි.
විශේෂයෙන්ම අධ්‍යාපන, මූල්‍ය හා සෞඛ්‍ය සේවා විධිමත් හා ඵලදායී කරලීම සඳහා මේ සම්බන්ධතා භාවිත කළ හැකි බවද මෙහිදී අවධාරණය කෙරිණි.
මයික්‍රොසොෆ්ට් සමාගමේ නව තාක්ෂණ සොයා ගැනීම් නොමිලයේ ශ්‍රී ලංකාව වෙත ලබාදීමේ අවකාශයන් සම්බන්ධව වැඩිදුර කරුණු සොයා බැලීමටද මෙහිදී එකඟත්වකට එළැඹ තිබුණි.