ශ්‍රී ලංකාව පිළිබඳ බ්‍රිතාන්‍ය සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායම ජනපති හමුවෙයි
ශ්‍රී ලංකාව පිළිබඳ සර්ව පාක්ෂික බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම අද (4දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ.
එරට කොන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති මන්ත්‍රී රනිල් ජයවර්ධන මහතා එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර, ඒ මහතා ඇතුළු පාර්ලිමේන්තු කණ්ඩායමේ සෙසු සාමාජිකයන් මෙම හමුවට එක්ව තිබේ.
බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමෙන් පසුව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් සමග පවත්වන සබඳතා වඩාත් ශක්තිමත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත්, පොදු රාජ්‍ය මණ්ඩලයීය රටක් ලෙස ශ්‍රී ලංකාව සමග පවත්නා සබඳතා ශක්තිමත් කර ගැනීම සහ දෙරට අතර වෙළෙඳ හා ආයෝජන සම්බන්ධතා ප්‍රවර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් කියැවේ.
ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම, ආර්ථීක සංවර්ධනය, විශේෂ සංවර්ධන ව්‍යාපෘති , විදේශ වෙළෙඳාම ආදී ක්ෂේත්රවල ශ්‍රි ලංකාව පසුගිය කාලය පුරා ගෙනගිය වැඩසටහන්වල විශාල ප්‍රගතියක් දක්නට තිඛෙන බව එම නියෝජිත පිරිස මෙහිදී ජනාධිපතිවරයා වෙත දන්වා ඇත.
නව තාක්ෂණය, රැකියා ප්‍රවර්ධනය සහ අධ්‍යාපන අවස්ථාවන් වඩාත් ඵලදායී කර ගැනීමට දෙරට අතර පවතින සබඳතා ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා නියෝජිත පිරිස වෙත පෙන්වා දී තිබේ.
පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුඑව මෙම වසරේ අප්‍රේල් මාසයේ දී බ්‍රිතාන්‍යයේදී පැවැත්වෙන අතර, ඒ හා සමගමීව දෙරට අතර සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමට අපේක්ෂා කරන බවද නියෝජිතයන් වැඩිදුරටත් සඳහන් කර ඇත.
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහ එම පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් වන මිෂෙල් ඩොන්ලෑන්, ක්‍රිස් ග්‍රීන්, ජෝන් ලැමොන්ට් යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


