ඉතියෝපියාවේ, හවස්සා කර්මාන්ත පුරයේදී ශ්‍රී ලාංකේය ඇඟලුම් නිෂ්පාදන කර්මාන්ත ශාලා දෙකක් සිය මෙහෙයුම් ආරම්භ කිරීම සිදුවී තිබේ.
ඉතියෝපියාවේ අග්‍රාමාත්‍ය හාලිමැරියම් ඩිසේලන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජූනි 20 වැනිදා හවස්සා කර්මාන්ත පුරයේදී මෙම විවෘත කිරීම සිදුව ඇති අතර, එරට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු, තානාපතිවරු, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ සමාගම්වල කළමනාකාරීත්වයද මෙම අවස්ථාවට එක්ව තිබේ.
ඉතියෝපියානු අගමැතිවරයාගේ සහභාගීත්වයෙන් එරට මෙහෙයුම් ඇරඹූ ශ්‍රී ලාංකේය ඇඟලුම් සමාගම් ද්විත්වය වන්නේ ඉසෙබෙලා සොක්ස් මැනිෆැක්චරින් පීඑල්සී සහ හයිඩ්‍රාමනී ගාමන්ට්ස් පීඑල්සී ය.