ඉන්දියාවේ පැවැත්වෙන 'ඉන්දියා ඉන්ටර්නැෂනල් ට්‍රැවල් මාර්ට් 2015' සංචාරක සහ සංචරණ වෙළෙඳ නාම ප්‍රදර්ශනයට සමගාමීව පසුගියදා බැංගලෝරයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා සංචරණය සම්මාන දෙකක් දිනාගෙන තිබේ.
ඒ යටතේ හොඳම MICE ක්‍රියාකාරිකයාට හිමි සම්මානය සහ හොඳම ඉදිරිපත් කිරීමට හිමි සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා සංචරණය සමත්ව තිබේ.