ශ්රී ලංකා සංචාරක කර්මාන්තයේ අභිමානවත් 50 වැනි සංවත්සරය මැයි මාසයට යෙදී තිබේ.
ඒ අනුව, මෙරට සංචාරක කර්මාන්ත සංවර්ධනයේ වගකීම දරණ නිල රාජ්ය ආයතනය වන, ශ්රී ලංකා සංචරණය මෙම සැමරුම් සඳහා කටයුතු රැසක් සංවිධානය කර ඇත.
එහිදී, පසුගිය මාර්තු මාසයේදී දියත් කළ ශ්රී ලංකා සංචරණයේ නව සන්නාමයද මෙහි එක් අවස්ථාවක් වන අතර, මේ අතර 50 වසරක සංවත්සර වැඩසටහන් ප්රධාන අංගය හෙට (27දා) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.