ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට දේශීය ව්‍යාපාරික නායකයන් සහ වෙළෙඳ වෘත්තිකයන්ගේ එකමුතුවෙන් සැකසුණු සංවිහිත සිල්ලර වෙළෙඳ ව්‍යාපාරිකයන්ගෙ සංගමයක් පිහිටුවා ගැනීම සිදුව තිබේ.
එහි සමාරම්භක රැස්වීම සඳහා කීල්ස් සුපර්, අබාන්ස්, කාගිල්ස් ෆුඩ්සිටි, ලාෆ්ස්, හෙල්ත්ගාඩ්, හැටන් නැෂනල් බැංකුව, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස්, රේන්කෝ, ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරිය සහ හමීඩියා යනාදී වශයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාපාර පවත්වාගෙන යන ප්රමුඛ ව්‍යාපාර හිමිකරුවන් ඇතුළු එම ක්ෂේත්රයේ වෘත්තිකයන් සහ ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමයේ සභාපතිවරයාද සහභාගී වී තිබුණි.