ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනයේ 32 වැනි සැසිවාරය
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනයේ 32 වැනි වාර්ෂික සැසිවාරය වන Architect 2014 හි සමාරම්භක උලෙළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19දා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
වාස්තු විද්‍යාව වෙනුවෙන් විශාල සේවයක් ඉටු කළ හිටපු සභාපති වරලත් වාස්තු විද්‍යාඥ මිහිඳු කීර්තිරත්න මහතා වෙත ඔහුගේ සේවය අගය කරමින් රන් පදක්කමක් පිරිනැමීම සහ වරලත් වාස්තු විද්‍යාඥ සුරන්ජිත් ද සිල්වා මහතාට ගරු සාමාජිකත්වය ලබාදීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදුවිය.
අමාත්‍ය බැසිල් රාජපක්ෂ, නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක යන මහත්වරුන්ද, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති වරලත් වාස්තු විද්‍යාඥ මහාචාර්ය චිත්‍රා වෙඩික්කාර මහත්මිය ඇතුළු සාමාජික සාමාජිකාවන්ද මෙම අවස්ථාවට එක්වූහ.
ඡායාරූප - චන්දන පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

