ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ 2018 වාර්ෂික සැසිය ඇරඹෙයි
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ 2018 වාර්ෂික සැසිවාරයේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනය විසින් අඛණ්ඩව 36 වැනි වරටත් සංවිධානය කරන ලද වාස්තු විද්‍යා ප්‍රදර්ශනයද මේ හා සමගාමීව පැවැත්වෙන අතර A-18 ,වාස්තු විද්‍යා 2018, නමින් එය ඊයේ සිට පෙබරවාරි 25 වැනිදා දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙනු ඇත.
290කට අධික වෙළෙද ප්‍රදර්ශන කුටි සංඛ්‍යාවක් සහ වාස්තු විද්‍යාඥයින්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කෙරෙන ඩිජිටල් පුවරු ඇතුථ ප්‍රදර්ශක 126 ක් සහිත අත්දැකීම් රැසක් ලබාදෙන වාස්තු විද්‍යා සහ වෙළෙද ප්‍රදර්ශනය පෙ.ව 10.00 සිට ප.ව 10.00 දක්වා මහජනතාව වෙනුවෙන් විවෘතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                    

 
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                