ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනයේ වාර්ෂික සැසිය පෙබ 21ද
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනයේ 36 වැනි වාර්ෂික සැසිය 2018 පෙබරවාරි 21 සිට 25දා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය. මෙවර සමුළුවේ තේමාව 'Architecture to represent People and Place' වන අතර, එහි ප්‍රමුඛතම අංගය වන වාස්තු විද්‍යාඥයන්ගේ ප්‍රදර්ශනය A’18 ලෙස නම් කර ඇති බව ඔවුහු පවසති.
2018 – 2019 වාර්ෂික සැසිය සඳහා ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය හා අනුග්‍රාහක භවතුන් අතර අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම 2017 දෙසැම්බර් මස 11දා කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත් වේ.
'වර්චුවල් රියැලිටි' ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වෙබ් අඩවියක් හරහා වාස්තු විද්‍යාඥයන් හා ව්‍යාපාරික ප්‍රජාව අතර ඔවුන්ගේ නිපැයුම් හා සේවා පිළිබඳව අන්‍යෝන්‍ය වශයෙන් විද්‍යුත් සංවාදයකට මඟ විවරකර දෙමින් A’18 - වාස්තු විද්‍යාඥයන්ගේ ප්‍රදර්ශනය 2018 පෙබරවාරි මස පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇති බව ඔවුහු පවසති.
මෙවර වාර්ෂික සැසිය වෙනුවෙන් උපාය මාර්ගික සහකරුවන් ලෙස Alumex Group සමාගම %උපායමාර්ගික අනුග්‍රාහක^ ලෙසත්, Nippon Paint Lanka (Pvt) Ltd ආයතනය 'ප්රාධාන අනුග්‍රාහක' ලෙසත්, Naveen Ceramic (Pvt) Ltd ආයතනය %SLIA සාමාජිකයන්ගේ වැඩසටහනේ අනුග්‍රාහක^ ලෙසත්, Ranjanas Ceramic (Pvt) Ltd ආයතනය 'සහකාර අනුග්‍රාහක' ලෙසත් වසර ගණනාවක සිට මෙම ප්‍රදර්ශනයට දායකත්වය ලබාදෙන බව ඔවුහු පෙන්වා දෙති. මේ අතර, Creations Master Builders, Green Electricals and Royal Ceramic Lanka යන ආයතන Event Sponsor’s යටතේ අවබෝධතා ගිවිසුම් අත්සන් තබන අතර, St.Anthony’s Pvt. Ltd සහ Melwire Rolling Pvt Ltd ආයතන %Event Co- Sponsors^ යටතේ ගිවිසුම් සඳහා එක්ව ඇති බව ඔවුහු වැඩිදුරටත් පවසති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


