ශ්රී ලංකාව සහ මියන්මාරය අතර ක්රියාත්මක නෞකා සේවය යටතේ කොන්ටිනන්ටල් නෞකා ජාලයට අයත් MV PATHEIN STAR නෞකාව පසුගිය 23දා කොළඹ වරායට පැමිණි තිබුණි.
ශ්රී ලංකා වරාය අධිකාරිය පෙන්වාදෙන පරිදි පෝෂක නෞකාවක් ලෙස හැඳින්වෙන මෙම නෞකාව ඉදිරියේදී කොළඹ වරාය සහ මියන්මාරයේ යැන්ගුන් වරාය අතර බහලු ප්රවාහනයේ යෙදීමට නියමිත අතර, මෙහි දේශීය නියෝජිතයන් ලෙස SAR මැරිටයිම් ඒජන්සීස් (පෞද්) සමාගම කටයුතු කරයි.