2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය පසුගි 13දා ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී ශ්‍රී ලංකා පොලීසිය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ.
මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන සහ නඩු පැවරීම් සඳහා අවශ්‍ය තොරතුරු හුවමාරු කරගැනීම මෙහි මූලික පරමාර්ථය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
පොලිස්පති පූජිත් ජයසුන්දර සහ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්යක්ෂ ආචාර්ය එච්.අමරතුංග යන මහත්වරු විසින් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තබන ලද බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.