පිලිපීන මුදල් අමාත්‍ය කාලෝස් ඩොමින්ගස් සහ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අතර හමුවක් පසුගියදා පවත්වා තිබුණි. ජපානයේ යොකෝහමා නුවර පැවැති ආසියානු සංවර්ධන බැංකුවේ 50 වැනි වාර්ෂික සමුළුව අතරතුර මෙම හමුව සිදුවී ඇත.
පිලිපීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිතුදම තවදුරටත් ශක්තිමත් කරගනිමින් සහයෝගයෙන් කටයුතු කළ යුතු ආකාරය මෙහිදී සාකච්ඡා සාකච්ඡා වූ බව මුදල් අමාත්‍යාංශය පවසයි.