ශ්‍රී ලංකාවේ තේ ලතින් ඇමෙරිකානු රටවල ප්‍රචලිත කිරීමේ වෑයමක්
තේ ප්‍රචාරණ කටයුතු සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ලතින් ඇමරිකානු රටවල කරන ලද සංචාරයක ප්‍රතිඵලයක් ලෙස ආජන්ටිනාව, බ්‍රසීලය, කොලොම්බියාව, මෙක්සිකෝව, චීලි සහ උරුගුවේ යන රටවල 31 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ශ්‍රී ලංකා තේ, තම රටවල ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ පසුගියදා අමාත්‍යවරයා සමග සාකච්ඡා කර තිබේ.
ආජන්ටිනාවේ තේ විද්‍යායතනයේ අධ්යක්ෂ වන දියාගෝ මොර්ලා චෙට්ටි මහතා එම කණ්ඩායමේ මුලසුන හොබවන අතර, මොහු ලතින් ඇමරිකානු රටවල සහ ශ්‍රී ලංකාවේ තේ ප්‍රචාරණය පිළිබඳව ගෞරවනීය තානාපති ලෙස ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් මීට ඉහතදී පත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ තේ තම රටවල හැකිතාක් ප්‍රචලිත කරන මෙන්ද ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා ඔවුන්ගේ රටවල ජනතාව උනන්දු කරන මෙන්ද අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිට ඇති අතර, එහිදී තම රටවල තේ ප්‍රචලිත කිරීමට හැකිඅයුරින් ක්‍රියාත්මක කරන බව එම විදෙස් කණ්ඩායම පවසා ඇති බව පැවසෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
