තායිවානයේ අභිනයෙන් තේරීපත් වූ ජනාධිපතිනී සායි ඉන්ග්-වෙන් මහත්මිය දිවුරුම් දීමේ අවස්ථාව පසුගිය 20 වැනිදා තායිවානයේ තායිපේ නගරයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා සහභාගී වන ලෙස තායිවානයේ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ලැබුණු ආරාධනයෙන් ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති සහ ජාත්‍යන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306C2 හිටපු සිංහාධිපති ලසන්ත ගුණවර්ධන, ජාතික යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී සතිර සරත්චන්ද්‍ර සහ නීතීඥ ගාමිණී පිටිපන යන මහත්වරු එම අවස්ථාවට සහභාගී වූහ.
මෙම සංචාරය අතරතුර තායිවානයේ උප ජනාධිපති ආචාර්ය චෙන් චියැන්-ජෙන්, නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය චී චන්ග්-වූ, විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්යක්ෂ ජේම්ස් සී.එම්. හුවැන්ග් යන මහත්වරු මුණගැසී සාකච්ඡා කිරීමටද ශ්‍රී ලාංකේය නියෝජිත පිරිසට අවස්ථාව උදාවී තිබේ. මෙම සාකච්ඡාවේදී ජාත්‍යන්තර සිංහ සමාජ සංවිධානය, තායිවාන් වෛද්‍ය බලමුළුව ඇතුළු දෙරටේ ස්වෙච්ඡා සේවා සංවිධාන අතර පවතින අන්‍යෝන්‍ය සහයෝගය සහ මිත්‍රත්වය තායිවාන උප ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයට ලක්ව ඇත. තායිවානයේ නව පාලනය ආසියා පැසිෆික් නව ප්‍රතිපත්තිය අනුව ආසියා සහ ඉන්දියා මහාද්වීපයේ රටවල් අතර සම්පත්, දැනුම, තාක්ෂණය, ආර්ථිකය සහ සංස්කෘතික සම්බන්ධතා වඩා වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු මෙහිදී පවසා තිබේ. මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් ලසන්ත ගුනවර්ධන මහතා, සුනාමි වැනි ව්‍යවසන අවස්ථාවලදී සහ විශේෂයෙන්ම 2003 වසරේ සිටම වාර්ෂිකව සෞඛ්‍ය කඳවුරු පවත්වමින් ජාත්‍යන්තර සිංහ සමාජ සංවිධානයේද සහයෝගය ඇතිව තායිවානය, ශ්‍රී ලාංකේය ජනතාවට දැක්වූ දායකත්වයට සිය ස්තුතිය සහ කෘතඥතාව පුදකර ඇත.