ජාතික වාණිජ මණ්ඩලය චෙක් ජනරජ තානාපති කාර්යාලය සමග එක්ව පවත්වනු ලබන ශ්‍රී ලංකා හා චෙක් ජනරජ ව්‍යාපාරික හමුව එළැඹෙන මැයි 03 වැනිදා පැවැත්වීමට නියමිතය.
එදින පෙ.ව.10.30 සිට 12.30 දක්වා නො.450, ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10 යන ස්ථානයෙහි පිහිටි ජාතික වාණිජන මණ්ඩල ශ්‍රවණාගාරයේදී එම හමුව පැවැත්වෙනු ඇත.
මෙහිදී, බර යන්ත්‍ර, වානේ සිලින්ඩර්, න්‍යෂ්ටික බල පද්ධති, රේඩාර් පද්ධති, සිසිලන පද්ධති, සිසිලන පරිපථ, වාහන නිෂ්පාදන, වාශ්ප ටර්බයින, විදුලිබල නිෂ්පාදන, බොර තෙල් සැකසීම, පොහොර නිෂ්පාදනය ආදී විවිධ ව්‍යාපාරික අංශවල නියුතු චෙක් ජනරජ ව්‍යාපාරික ආයතන 06ක් සහභාගී වීමට නියමිත බවද කියයි.
මේ සඳහා ලියාපදිංචි වීමට 011-4741788 අමතන්න.