ශ්‍රී ලංකාව හා කොරියාව අතර ධීවර සංවර්ධන කටයුතු හා ධීවර අධ්‍යයන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම පසුගියදා සිදුවිය.
ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති චැන්ග් වොන්-සම් මහතා සමග ධීවර හා ජල සම්පත් අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙම සාකච්ඡාවට සහභාගි වූයේ ධීවර අමාත්‍යාංශයේදීය.
දෙරටේ ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සහ තානාපතිවරයා අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වුණු අතර, මෙරට ධීවර සංවර්ධනය වෙනුවෙන් කොරියානු සහාය ලබාගැනීම සම්බන්ධයෙන් අදහස් මතුවී තිබේ.