ශ්‍රී ලංකා ආර්ථික විශේෂඥයන් සහ ආසියානු ආයෝජකයන් හමුවන දෙවැනි ශ්‍රී ලංකා ආයෝජන සමුළුව පසුගිය 16දා හොංකොං සාර්ථකව පැවති බව වාර්තා වේ.
මෙම සමුළුවේ ප්‍රධාන දේශනය මුදල් අමාත්‍ය රවි කරුණානායක විසින් පවත්වා තිබුණු අතර, ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශය නියෝජනය කරමින් ආර්ථික විශේෂඥයන් රැසක්ද ඊට සහභාගී වී තිබේ.
මෙම අවස්ථාවට 200කට අධික ආයෝජකයන් පිරිසක් එක්ව තිබුණු බවත්, ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ ව්‍යාපාරික ආයතනවල නියෝජිත පිරිසක්ද ඊට සහභාගි වූ බවත් වාර්තා වේ.
සමුළුව හොංකොං හි රිට්ස් කාල්ටන් හෝටලයේදී පැවති අතර, ආරම්භක සමුළුව පසුගිය වසරේ මාර්තු මාසයේ සිංගප්පූරුවේදී පැවැත්විණි.