ශ්‍රී ලංකා ආර්ථික සමුළුව දැවැන්ත පිම්මක්
ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ මෙහෙයවීම යටතේ නව රජය සමබර ආර්ථික ප්‍රතිපත්ති වෙත යොමුවී සිටින අතර, එහි පදනම නිර්මාණය කිරීමේදී විදේශීය ආයෝජන රට තුළට ගෙන්වා ගැනීමේ බරපතල වගකීම රජය සතුව පවතින බැවින් ආර්ථික විශේඥයන්ගේ සහ ලොව ප්රමුඛ පෙළේ ආයෝජකයින්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා ආර්ථික සමුළුව සංවිධානය කිරීම මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේ දැවැන්ත පිම්මක් බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසා සිටියේය.
පසුගියදා නිමාවට පත්වූ 'ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2016' සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේය
සුප්‍රකට ආර්ථික විශේඥයෙක් සහ ව්‍යවසායකයෙක් වන ජෝර්ජ් සෝරොස්, කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය, නොබෙල් ත්‍යාගලාභී ජෝසෆ් ස්ටිග්ලිට්ස්, හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ රිකාඩෝ හවුස්මන් ඇතුළු ආර්ථික විශ්ලේෂකයන් මෙම ආර්ථික සමුළුවට එක්වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

