ශ්‍රී ලංකා අන්තර්ජාතික වෙළෙඳ මණ්ඩලයේ 60 වැනි සංවත්සරය හෙට (05දා) ප.ව. 7.00 ට කොළඹ, ගලධාරි හෝටලයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙහිදී, මහා නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් මහා නගර සහ බස්නාහිර පළාත් සංවර්ධනය ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්රයට ඇති කරන සුබදායී වෙනස්කම් යන මැයෙන් ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය.
තැපැල් හා මුස්ලිම් කටයුතු පිළිබඳ අමාත්‍ය අබ්දුල් හලීම් විසින් මෙහිදී මුල්දින කවරයක් නිකුත් කරන අතර, නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර සහ අමාත්‍යාංශ ලේකම් විමලසිරි පෙරේරා යන මහත්වරුන්ද උත්සවයට සහභාගි වීමට නියමිතය.
විදේශ තානාපතිවරුන්ද, ව්‍යාපාර ක්ෂේත්රයේ දැවැන්තයන්ද, ශ්‍රී ලංකා අන්තර්ජාතික වෙළෙඳ මණ්ඩලයේ සාමාජිකයන් සමග මෙම උත්සවයට සහභාගි වනු ඇති බව ඔවුහු වැඩිදුරටත් පවසති.