ශ්‍රී ලංකන් ගුවන් සමාගම මානව සම්පත් කළමනාකරණය සහ සංවර්ධනය සඳහා වූ සිය නිපුණත්වය නැවත වරක් ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා පුහුණු සහ සංවර්ධන ආයතනය විසින් සංවිධානය කරනලද SLITAD 2016/ 2017 සම්මාන උළෙලේ දී තෙවැනි වරටත් “පුද්ගල සංවර්ධනය”(SLITAD People Development Gold Award ) උදෙසා රන් සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
මෙම සම්මාන ප්රරධානෝත්සවය කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පසුගියදා පැවැත්විණි. මේ සඳහා ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්රවල වෘත්තිකයන් සහ මානව සම්පත් වෘත්තිකයින් රැසක් සහභාගී වූ බව පැවසේ.
මෙම උත්සවයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපති මහාචාර්ය පී එස් එම්. ගුණරත්න මහතා එක්ව තිබුණි.