ශ්රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන් යානා තාක්ෂණික වේදීන්ගේ සංගමය අතර වසර 3ක් සඳහා බලපැවැත්වෙන සාමූහික ගිවිසුමක් සඳහා පසුගියදා අත්සන් තැබුණු බව පැවසෙයි.
ජාතික ගුවන් සේවාවේ ඵලදායීතාවය වැඩි කර ගැනීම, පුළුල් බඳ සහිත ගුවන් යානා ප්රතිඇණිගත කිරීමේ වැඩසටහන සාර්ථක කරගැනීම සහ ලෝක සංචාරක ක්ෂේත්රයේ නව යුගයක් සඳහා ගමන් කිරීමේ සැලසුම් සැලකිල්ලට ගනිමින් මෙම නව ගිවිසුම සඳහා දෙපාර්ශ්වයම අත්සන් තබා තිබේ.