ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ප්‍රතිඇණිගත කිරීමේ වැඩසටහන යටතේ ගෙන්වනු ලබන නවතම එයාර්බස් 330-300 ගුවන් යානාවන්හි දෙවැනි ගුවන් යානය ඊයේ (19දා) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම නවතම ගුවන් යානය “The City of Sihagiri” ලෙස නම් කර ඇති අතර එය ඈත පෙරදිග ගමනාන්ත වන කැන්ටන්, ෂැංහයි, බීජිං සහ හොංකොං වෙත මෙහෙයුම් සඳහා යොදා ගැනීමට අපේක්ෂා කෙරෙන බව ගුවන් සමාගම පවසයි.
මෙම නවතම පුළුල් බඳ සහිත A330-300 ගුවන් යානාව සතුව අති නවීන ගුවන් යානා අභ්‍යන්තර පහසුකම් සහ සුවපහසුව ද,උසස් තාක්ෂණික පහසුකම් සහ වැඩිදියුණු කළ ඉන්ධන කාර්යක්ෂමතාවයන් ඇතුළත් බවත්, මේ අනුව ගුවන් සමාගමේ දැනට පවතින එයාර්බස් ගුවන් යානා ඇණියට මෙම නවතම ගුවන් යානාවද එකතු වන බවත් ශ්‍රී ලංකන් වැඩිදුරටත් පවසයි.