2013 අ.පො.ස. සා/පෙ විභාගයේදී විශිෂ්ට සාමාර්ථ ලබාගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්යමණ්ඩලයේ මහත්ම මහත්මීන්ගේ දරු දැරියන් අගය කිරීමක් කටුනායක ශ්‍රී ලංකන් ගුවන් සමාගම් කාර්යාල පරිශ්‍රයේදී මෑතකදී සිදුකර තිබුණි.
මෙහිදී, සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමින් විශිෂ්ට දක්ෂතා දැක්වූ දරුවන් 28 දෙනෙකු සඳහා වටිනා ත්‍යාග සහ ශිෂ්‍යත්ව පිරිනැමීමක්ද සිදුකළ බවත්, සිසුන් 22 ක් A සාමාර්ථ 9 බැගින් ලබාගෙන සිටි අතර, ඉතිරි සිසුන් 8 දෙනා A සාමර්ථ 8 බැගින් ලබාගෙන සිටි දරුවන් වීම විශේෂත්වයක් බවත් කියවුණි.