ශ්රී ලංකන් ගුවන් සමාගම, ලෝකයේ උසම කඳු මුඳුන වන එවරස්ට් කන්ද සාර්ථකව තරණය කිරීමෙන් අනතුරුව මෙරටට පැමිණි කඳු නගින්නන් වන ජයන්ති කුරුඋතුම්පලා සහ ජොහෑන් පීර්ස් යන දෙපළ සාදරයෙන් පිළිගෙන තිබේ. ශ්රී ලංකාවේ නාමය ලෝකයේ ඉහළට ඔසවා තබන්නට සමත්වෙමින් වැඩිම උස ප්රමාණයක් තරණය කළ එකම ශ්රී ලාංකිකයින් දෙපළ බවට පත්වූ මොවුන් සඳහා නිල ගුවන් සේවා සත්කාරය ශ්රී ලංකන් ගුවන් සමාගම විසින් ලබාදෙන ලදී. දිවයිනට පැමිණි මෙම දෙපළ පිළිගැනීම සඳහා පසුගිය 31 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේදී විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවේදී උත්සව සභාව අමතමින් ශ්රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අජිත් ඩයස් මහතා සඳහන් කළේ, &ජයන්ති හා ජොහෑන් විසින් ලබාගන්නා ලද මෙම ජයග්රහණයෙන් පැහැදිලි වන්නේ සිහිනයක් සැබෑ කර ගැනීමට අධිෂ්ඨානය සහ අරමුණක් ඇත් නම්, එය කෙසේ හෝ සැබෑ කරගත හැකි බවයි. එසේම මේ දෙපළ ලබාගත් ජයග්රහණය ශ්රී ලාංකිකයන් විදිහට අප සැමට මහත් ආඩම්බරයක් වෙනවා* යනුවෙනි.