ශ්‍රී ලංකන් ගුවන් සේවය, වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සන්ධානයේ සාමාජිකයෙකු ලෙස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ මාලේ ගුවන් තොටුපොළ තුළ වන්වර්ල්ඩ් ප්‍රමුඛතා පුවරු ප්‍රදර්ශනයට තබා ඇතැයි එම සමාගම පවසයි. මේ හරහා වන්වර්ල්ඩ් සන්ධානයේ නිරන්තර පියාසර කිරීම්හි ප්රමුඛ පෙළේ ස්ථරවල සිටින සාමාජිකන්ට එහි ප්රතිලාභ පිළිබඳව දැනුම්වත් කිරීම අපේක්ෂාවයි.
එහිදී පිරික්සුම් ඉක්මන් සේවා, ගුවන් තොටුපොළ විවේකාගාර සහ ගුවන් ගතවීම් යනාදියද ඊට ඇතුළත් වෙයි. ඒ අනුව නව වන්වර්ල්ඩ් ප්‍රමුඛතා සලකුණ වන්වර්ල්ඩ් ස්ථර වන එමරල්ඩ්, සැෆියර් සහ රූබි යන සංකේත හා එක්ව ප්‍රදර්ශනය සඳහා තබා ඇති අතර මෙම කාඩ්පත් හිමියන්ට පහසුවෙන් ළගා විය හැකි ස්ථානවල මෙම පුවරු සවි කර ඇතැයිද ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.