ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොළඹ පිහිටි ගුවන් ප්‍රවේශ පත්‍ර විකුණුම් කණ්ඩායම විශේෂිත මෙල්බර්න් ප්‍රවර්ධන වැඩසටහනක් පසුගියදා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී පවත්වා තිබේ. එහිදී සිදුකරන ලද දිනුම් ඇදීමෙන් තෝරාගත් වාසනාවන්ත ජයග්‍රාහකයන්ට ගුවන් ප්‍රවේශ පත්‍ර ප්රදානයක්ද සිදුකර තිබේ.
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ප්‍රාග්ධන වෙළෙඳ පොළ අධ්‍යාපන හා පුහුණු කළමනාකරු සංජීවනී බැක්මීදෙනිය මහත්මිය ජයග්‍රාහී මෙල්බර්න් ගුවන් ප්‍රවේශ පත්‍රය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්ත සහ ප්‍රධාන වාණිජ නිලධාරී සිවා රාමචන්ද්‍ර යන මහත්වරුන් අතින් ලබාගත් ලබාගෙන තිබේ.