ශ්‍රී ලංකන් ගුවන් සමාගම ජාත්‍යන්තර වශයෙන් නීති විරෝධීව වන සතුන් වෙළෙඳාම් කිරීම පිටුදැකීමේ ලෝක ක්‍රියාදාමය සඳහා සම්බන්ධ වීම පසුගියදා ජුනි 02 වැනිදා සිදුවිය.
ඒ අනුව, අයර්ලන්තයේ ඩබ්ලින් හි ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) විසින් පැවැත් වූ වාර්ෂික මහා සභා රැස්වීමේ දී ʻUnited for Wildlifeʼ වැඩසටහන සඳහා දායකත්වය සපයන ගුවන් සේවා අතරට ශ්‍රී ලංකන් ගුවන් සමාගමද එක්වන ලදී. විවිධ සංවිධාන එක්ව සිදුකරන මෙම සංරක්ෂණ වැඩසටහන සඳහා ගෝලීය ප්‍රවාහන ක්ෂේත්රයේ සහායද හිමි වී ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා ජාතික ගුවන් සේවාව වෙනුවෙන් අත්සන් තබමින් ප්‍රකාශ කර සිටියේ ගෝලීය ප්‍රවාහන ක්ෂේත්රයේ පරිසර සංරක්ෂණ වැඩසටහන් සඳහා පුරෝගාමියෙකු වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හරිත කණ්ඩායම 2009 වසරේ සිට ‘ලෝක හිතකර ගුවන් ගමන්’ (planet friendly flights) වැනි ව්‍යාපෘති දියත් කරමින් එහි සංරක්ෂණ ව්‍යාපෘති රැසක් දියත් කළ බවයි. සත්ව නිෂ්පාදන සහ ජීවීන් වර්ග නීතිවිරෝධී ලෙස සිදුකරන ජාවාරම් අවම කිරීම සඳහා වටිනා දායකත්වයක් ලබාදීමට හැකිවීම පිළිබඳ අප සතුටට පත්වන අතර මෙම වැඩසටහන තුළින් ජීවින් වර්ග වඳවී යාම වැළැක්වීමට සහාය ලබාගත හැකි බවට බලාපොරොත්තු වන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.