ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය මෙන්ම වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ පූර්ණ සාමාජික ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකාව සහ චීනය අතර ගුවන් ගමන් මෙහෙයුම් සඳහා වැඩිවන ඉල්ලුම සැළකිල්ලට ගනිමින් කුන්මිං වෙත ගුවන් මෙහෙයුම් ව්‍යාප්ත කිරීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව ලොව සුන්දරතම ගමනාන්තයක් වන චීනයේ කුන්මිං වෙත මෙම දෙසැම්බර් මස 1 වැනිදා සිට ශ්‍රීලංකන් ගුවන් සමාගම සිය ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය මේ වනවිට චීනයේ බීජිං, ෂැංහයි, කැන්ටන් සහ හොංකොං වෙත සතියකට ගුවන් ගමන් වාර 15 සිදුකරන බව කියයි.