ශ්‍රී ලංකන් ගුවන් සේවා උපාධි ප්රදානෝත්සවය
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවා පාසලේ උපාධි ප්රදානෝත්සවය පසුගිය මාර්තු 31 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පවත්වනු ලැබීය. ආසියාවේ ප්රමුඛ ගුවන් සේවා පුහුණු කිරීමේ පාසල වන ශ්‍රී ලංකන් ගුවන් සේවා පුහුණු පාසල ජාත්‍යන්තර ගුවන් සේවා ක්ෂේත්රයට වෘත්තීයවේදීන් බිහිකරන ස්ථානයකි.
ශ්‍රී ලංකන් ගුවන් සේවා පාසල ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යයන ආයතනය වන අතර, ඊට ශ්‍රී ලාංකේය සිසුන් සහ ජාත්‍යන්තර සිසුන් විශාල පිරිසක් සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ අධ්‍යයන පහසුකම් සපයා තිබේ. උපාධිධාරීන් 594ක් සඳහා ගුවන් සේවා කාර්ය මණ්ඩල වෙත ගුවන් තොටුපොළ සේවා, සාමාන්‍ය ගුවන් සේවා, ගුවන් භාණ්ඩ හසුරුවීම්, ගුවන් සේවා කළමනාකරණය සහ ගුවන් යානා නඩත්තු ඇතුළු ගුවන් ප්‍රවාහන ක්ෂේත්රය තුළ විවිධ විශේෂිත අංශ අධ්‍යයනය කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇත.
මෙම උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, ප්‍රවාහන සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අජිත් ඩයස්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි යන මහත්වරු සහභාගී වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

