කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රම වාසනා අරමුදල සිය 19 වැනි සංවත්සරය අද (31) සමරයි. ඒ නිමිත්තෙන් සංවිධානය කරන ලද විශේෂ සැමරුම් උත්සවයක් අද පෙරවරු 09.00 ට කොළඹ 05, ජාවත්ත පාරේ, අංක 97 දරණ ස්ථානයේ පිහිටි ශ්‍රම වාසනා අරමුදල් ශ්‍රවණාගාරයේදී කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
ශ්‍රම වාසනා අරමුදල ගතවූ වසර 19 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ සියලුම පළාත්, දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් විවිධ වූ සුභසාධන වැඩසටහන්, සවිබල ගැන්වීමේ වැඩසටහන්, කම්කරු ප්‍රජාව දැනුවත් කිරීම් හා විශේෂයෙන්ම ව්‍යසන අවස්ථාවලදී පිහිටවෙමින් ඔවුන් හා ඔවුන්ගේ යැපෙන්නන් රැකබලා ගැනීමේ කටයුතු රැසක් සිදුකර ඇති බව අමාත්‍යාංශය පවසයි.
අද දින ශ්‍රම වාසනා අරමුදලේ 19 වන සංවත්සරය සමරන අවස්ථාවට ශ්‍රම වාසනා අරමුදලේ නිර්මාතෘ වන වර්තමාන කම්කරු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාට සහ ශ්‍රම වාසනා අරමුදලේ ආරම්භක සභාපතිවරයා වන එස්.බී. බන්ධුසේන මහතා වෙත උපහාර දැක්වීමටත් ශ්‍රම වාසනා අරමුදල කටයුතු සූදානම් කර ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.