කෘෂිකර්ම අමාත්‍යාංශය, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, ගොවි භාරකාර අරමුදල සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ඒකාබද්ධව වීදි ආහාර (Street Food) නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
මෙම වීදි ආහාර නිෂ්පාදනය විධිමත් කිරීම තුළින් ආර්ථිකය සවිබල ගැන්වීමේ හා සෞඛ්‍ය සම්පන්න දේශීය ආහාර ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරෙන බව කියයි.
ඒ අනුව, මෙහි නියමු ව්‍යාපෘතිය අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරෙන අතර, වීදි ආහාර නිෂ්පාදන කරත්ත 100කින් මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
පසුවට එය දීපව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බව සඳහන් වේ.