2017අයවැය මඟින් යෝජනා කළ පරිදි මෙතෙක් කෙතට අරුණ පොහොර දිරිය වගා හානි රක්ෂණ වැඩසටහන යටතේ වී ගොවීන්ට පමණක් ලබාදෙනු ලබන වගා හානි වන්දිය, මෙම වසරේ සිට අල, ලොකු ළූණු, මිරිස්, බඩ ඉරිඟු සහ සෝයා බෝංචි සඳහාද පුළුල් කිරීමට තීරණය කර ඇත.
මෙම රක්ෂණ වැඩසටහන යටතේ වී ගොවීන්ගේ වගා හානි වෙනුවෙන් අක්කරයකට රු. 10,000 ක උපරිමයකට යටත්ව හෝ හෙක්ටයාරයකට රු. 25,000 ක උපරිමයකට යටත්ව වන්දි ලබාදීම ක්‍රියාත්මක කෙරෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.