ඩුබායි තාක්ෂණ එක්ස්පෝ 2016 වෙළඳ ප්‍රදර්ශනයේදී (Dubai Drink Technology Expo 2016) ලෝකයේ හොඳම රසකාරක තේ වර්ගය ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ තේ නිෂ්පාදකයෙකු වන %සිලෝන් ටෙනී ටී^ (Ceylon Tenny Tea (Pvt) Ltd) සම්මානට පාත්‍ර වී තිබේ.
මෙම ප්‍රදර්ශනය ඩුබායි ජාත්‍යයන්තර සමුළු සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පසුගියදා පැවැත්විණි. මෙහිදී කාණ්ඩ කිහිපයක් යටතේ තේ නිෂ්පාදන සම්මානයට නිර්දේශ වූ අතර, ඒ අතරින් බොහෝ දෙනාගේ අවධානය දිනාගත් හොඳම රසය අඩංගු තේ නාමයට හිමි සහතික දිනාගන්නා ලද්දේද %සිලෝන් ටෙනී ටී^ වීම විශේෂත්වයකි.
මීට අමතරව ලෝකයේ ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනයක් වන අසර්බයිජාන් හි පැවති ලෝක ආහාර වෙළෙඳ ප්රදර්ශනෙය්දී (World Food Azerbaijan, Baku 2016) ටෙනී තේ සම්මානයට පාත්‍ර වී තිබේ. එය පසුගියදා බකු නගරයේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්යස්ථයේදී පැවැත්විණි.