ජාතික ශිල්ප කලාකරුවන් බලගැන්වීම සඳහා දීප ව්‍යාප්ත හස්ත කර්මාන්ත ශිල්පීන් දිස්ත්‍රික් මට්ටමෙන් හා පළාත් මට්ටමෙන් ඒකරාශී කර ඔවුන්ගේ අභිවෘද්ධිය පිණිස හස්ත කර්මාන්ත ක්ෂේත්රයට සුවිශාල සේවයක් කල දිවයිනේ ගෞරවණීය ශිල්පීන් සිය දෙනෙකුට මුල් වරට "විශ්ව කර්ම ගෞරව උපහාර සම්මානය" නමින් සම්මාන ප්‍රදානයක් සිදු කිරීමේ අරමුණින්, සම්මේලන මාලාවක් පැවැත්වීමට ජාතික ශිල්ප සභාව සැලසුම් කර තිබේ.
මෙහි පළමු වන සම්මේලනය බස්නාහිර පළාතින් ආරම්භ කෙරෙන අතර එය 2014 දෙසැම්බර් 11 වැනිදා පෙ.ව. 10.30 ට බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ ශ්‍රවණාගාරයේ දී බස්නාහිර පළාත් ආණ්ඩුකාර අල්හාජ් ඒ. අලවි මවුලානා, සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යාවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක යන මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් හා ජාතික ශිල්ප සභාවේ සභාපති බුද්ධි කීර්තිසේන සහභාගිත්වයෙන් පැවැත්වීයට නියමිත බව කියයි.