විනිමය පාලන රෙගුලාසි ලිහිල්කරණය පිළිබඳව සම්මන්ත්‍රණයක්
ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය හා ශ්‍රී ලංකා මහ බැංකුව එක්ව මෙහෙයවනු ලබන 'වත්මන් විනිමය පාලන රෙගුලාසි ලිහිල්කරණය' පිළිබඳ සම්මන්ත්‍ර ණය 14 වැනිදා නො.450, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10 යන ස්ථානයෙහි පිහිටි ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී ප.ව. 3.00 සිට ප.ව. 5.00 දක්වා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය පී. නන්දලාල් සිල්වා මෙහි විශේෂ අමුත්තා ලෙස සහභාගී වන අතර මහ බැංකුවේ විනිමය පාලක ටී.එම්.ජේ. ඉවෙට් පී. ප්‍රනාන්දු මහත්මිය දේශක මණ්ඩලය මෙහෙයවීමට නියමිතය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්ය්ක්ෂ (නීති සහ ගිවිසුම්) පවිත්‍රි විතානගේ මහත්මිය විසින් වත්මන් විනිමය පාලන රෙගුලාසි ලිහිල්කරණය, නව රෙගුලාසි හා විදේශ විනිමය හා සම්බන්ධ අනෙකුත් වැදගත් අංශ පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදුකිරීමට නියමිතය.
ජාත්‍යන්තර මූල්යබ ගනුදෙනුවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම තුළින් රටේ ආර්ථික සංවර්ධනය සඳහා පහසුකම් සැපයීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුව පැවති විදේශ විනිමය රෙගුලාසි ලිහිල් කිරීමට පියවර ගත් අතර, මෙය සියලුම ආයතන සහ සංවිධානයන්ට ඉතා වැදගත් සම්මන්ත්‍රණයක් වනු ඇති බව කියයි.
මේ පිළිබඳ වැඩි විස්තර 011-4741788 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

