ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයේ සංවර්ධන කටයුතු සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීම ඉතා වැදගත් බවත්, මෙහිදී ලොව බොහෝ රටවල් ශ්‍රී ලංකාවට ඉතා හොඳ සහයෝගයක් ලබාදෙන අතර, වර්තමානය වනවිට ලෝකයේ සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල වැඩි අවධානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රය සමත්ව ඇති බවද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවති %ඉන්කෝ 2017^ කර්මාන්ත ප්‍රදර්ශනයට සහභාගී වෙමිනි.
මෙවර 15 වැනි වරටත් පැවැත්වූ %ඉන්කෝ 2017^ කර්මාන්ත ප්‍රදර්ශනය වරලත් ඉංජිනේරු ආයතනය විසින් සංවිධානය කරනු ලබන අතර, ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්රයේ පුනර්ජීවයක් ඇතිකිරීමේ අරමුණින්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාශය මෙම ප්‍රදර්ශනය සඳහා දායක වෙයි. එහිදී කර්මාන්තවල තරගකාරීත්වය වැඩිදියුණු කිරීම, ප්‍රාදේශීය කාර්මීකරණය ඉහළ නැංවීම හා නිෂ්පාදනවල තත්ත්වය ඉහළ නැංවීම යන අංශ කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ.