2016 අයවැය යෝජනා අනුව එකතු කළ අගය මත බදු (VAT) සහ ජාතිය ගොඩනැගීමේ බදු (NBT) සඳහා වූ සංශෝධන ක්‍රියාත්මක වීම, එම සංශෝධන පනත් පාර්ලිමේන්තුවේ සම්මත වන තුරු අත්හිටුවා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
එසේ වුවද, ජීවන වියදම කෙරෙහි ඇතිවන බලපෑම සැලකිල්ලට ගනිමින් තොග සහ සිල්ලර වෙළෙඳාම මත, එකතු කළ අගය මත බදු ගෙවීමේදී නිදහස් භාණ්ඩ සැපයීම මත පනවා තිබූ සීමා කිරීම 2016 ජනවාරි 01 වැනි දින සිට ඉවත්කළ බවත් මුදල් අමාත්‍යාංශය පවසයි. (2014 දී තෝග සහ සිල්ලර වෙළෙඳාමේදී බදු නිදහස් භාණ්ඩ පවා බද්දට යටත් කෙරුණු බවත්, එම බද්දට යටත්වීම මේ වනවිට ඉවත් කර ඇති බවත් අමාත්‍යාංශය කියයි. තොග සහ සිල්ලර වෙළෙඳාමේදී වැට් බදු අයවන්නේ බදුවලට යටත් භාණ්ඩ සඳහා පමණක් බවත්, ඒ අනුව, බදු නිදහස් භාණ්ඩ නිදහස් ලෙසම පවතින බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.)
මීට අමතරව අයවැයට පෙර ණයවර ලිපි නිකුත්කර ඇති, පෞද්ගලික පරිහරණය සඳහා ආනයනය කරනලද මෝටර් රථ අයවැයට පෙර පැවැති පැරණි බදු ක්‍රමය යටතේ නිදහස් කරගැනීමට අදාළ අනුමැතිය, රේගු දෙපාර්තමේන්තුව වෙත මේ වනවිටත් ලබාදී ඇති බවත්, එසේම ඉහත වාහන ප්‍රමාද ගාස්තුවකින් තොරව නිදහස් කර ගැනීමට අවශ්‍ය කටයුතු සලසා ඇති බවත් මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.