එකතු කළ අගය මත බද්ද (වැට් බද්ද) මෙවර අයවැය යෝජනාවලදී සංශෝධනය කිරීම නිසා විදුලිය, ජලය, හා දුරකතන ආදී සේවාවන්හි ගාස්තු මිල ඉහළ යා හැකි බව ආරංචි මාර්ග පවසයි.
එම සංශෝධනයන්ට අනුව 11% ක් වූ දැනට පවතින තනි බදු අනුප්රමාණය කාණ්ඩ තුනක් දක්වා සංශෝධනය කිරීමට යෝජනා කෙරිණි.
ඒ යටතේ, භාණ්ඩ අපනයන සහ විදේශ මුදලින් ගෙවීම් ලබන ශ්රී ලංකාවෙන් පිටතට සේවා සැපයීම් වැට් බදු 0% ක් ලෙසද, සේවා අංශයේ වැට් බදු 12.5% ක් ලෙසද, භාණ්ඩ නිෂ්පාදනය හෝ ආනයනය වැට් බදු 8% ක් (යෙදවුම් බදු සීමා උපරිම සීමා කිරීමකට යටත්ව) ලෙසද, 2012 අංක 14 දරණ එකතු කළ අගය මත බදු පනතට සංශෝධන එකතු වනු ඇත.
මෙවර අයවැයේදී සෘජු බදු හරහා විදුලිය, ජලය හා දුරකතන ගාස්තු වැඩි කිරීමක් සිදු නොකළද, එම සේවාවලට අදාළ වැට් බදු 1.5% කින් පමණ වැඩිකිරීමට යෝජනා කිරීම හරහා වක්රාකාරයෙන් එම සේවාවන්හි ගාස්තු වැඩිවීමක් සිදුවනු ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.