පිත්තල ආලේපිත වානේ (රන්වන් පැහැති) මිශ්‍ර ලෝහවලින් සැදුම්ලත් රුපියල සහ රුපියල් 5 කාසි, මල නොබැඳෙන වානේ (රිදී පැහැති) මිශ්‍ර ලෝහයට වෙනස් කරමින් නව කාසි ද්විත්වයක් සංසරණය සඳහා නිකුත් කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
රුපියල් 5 කාසියේ දාරයේ පැවති අක්ෂර, මල නොබැඳෙන වානේවලින් සැදුම්ලත් නව කාසියෙන් ඉවත්කර ඇති අතර, 2005 වසරේ සිට නිකුත් කරනු ලැබූ රුපියල සහ රුපියල් 5 කාසිවල පැවති පරිමාණ සහ මෝස්තර ඇතුළු අනෙකුත් සියලුම ලක්ෂණ නව කාසිවල එලෙසම පවතින බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව, මෙම කාසි ශ්‍රී ලංකාව තුළ ගෙවීම් සඳහා වලංගු මුදල් වන අතර, එය සංසරණයේ පවතින තුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමක් වනු ඇති බව ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.