ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන වසරේ විශිෂ්ටතම ව්‍යවසායකයා තේරීමේ මහා තරගය සඳහා අයදුම්පත් කැඳවීමේ සමාරම්භක නිල මාධ්‍ය හමුව පසුගියදා කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.
වාණිජ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නීතීඥ සුජීව සේනසිංහ යන මහත්වරු ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.
මෙම සමාරම්භක නිල මාධ්‍ය හමුව අවස්ථාවේදී වසරේ විශිෂ්ටතමයා වෙත පිරිනමන ප්ලැටිනම් සම්මානය හා නිල අයදුම් පත්‍රය එළිදැක්වීමද සිදු කෙරිණි.
මෙම සමාරම්භක උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලන සභාපති සරත් කහපොලආරච්චි, ජ්‍යෙෂ්ඨ පූර්ව උප සභාපති අජිත් වත්තුහේවා, උප සභාපති රුවන් එදිරිසිංහ, මහලේකම් අජිත් පෙරේරා, කොළඹ වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය අමිල කංකානම්ගේ ඇතුළු වාණිජ මණ්ඩල ක්ෂේත්රයේ ප්‍රවීණයන් රැසක් සහභාගී වී සිටියහ.