ව්‍යවසාය 2016 හිදී අද කුටියෙන් බරට තෑගි
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරනු ලබන 'ව්‍යවසාය 2016' අලෙවි ප්‍රදර්ශනය ඊයේ (01දා) කොළඹ BMICH හිදී ආරම්භ විය.
අප්‍රේල් 01, 02 හා 03 යන දින තුන පුරා පෙ.ව.10.00 සිට ප.ව.10.00 දක්වා පැවැත්වෙන මෙම වෙළෙඳ ප්‍රදර්ශනයේ නිල මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකත්වය දරන අද ජාතික පුවත්පත, එම දින තුන පුරාවට ප්‍රදර්ශන භූමියේ ඇති 'අද' කුටියේදී විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කර ඇත.
ඒ අනුව, එම දින තුන පුරා 'ව්‍යවසාය 2016' ප්‍රදර්ශන භූමියට පැමිණෙන ඔබට හිතේ හැටියට ප්‍රදර්ශන භූමියෙන් භාණ්ඩ මිලදී ගන්න 'අද' පුවත්පත මගින් සෑම පැය භාගයකට වරක්ම රු.5,000/- ක දිනුම් ඇදීමක් සිදුකරන අතර, දිනකට රු.100,000/- බැගින්, මෙම දින තුන පුරාවට රු.300,000/- ක දිනුම් ඇදීමක් සිදුකමින් තෑගි වවුචර් ලබාදීමට 'අද' පුවත්පත කටයුතු සම්පාදනය කර ඇත.
ප්‍රදර්ශනය සාර්ථකව ආරම්භ වූ ඊයේ (01දා) දිනයේදී විශාල පිරිසක් 'ව්‍යවසාය 2016' ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි අතර, රට පුරා විසිරී සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අවස්ථාව උදා කරලීම මෙම ප්‍රදර්ශනයේ අරමුණ බව කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය පවසයි. විශේෂයෙන්ම තරුණ ව්‍යවසායකයන් රටට හඳුන්වාදීම එහි ප්‍රධාන ඉලක්කයද වී තිබේ.
එසේම, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ 'SED' වෙළෙඳ නාමය ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් SED ෆැෂන්, SED ජුවලරි, SED ෆුඩ් කෝර්ට් යනාදී ලෙස විවිධ ක්ෂේත්රවලට අදාළ වෙළෙඳ කුටිද මෙහි ඉදිරිපත් කර තිබුණි. එළැඹෙන අවුරුදු සමය ඉලක්ක කරගනිමින්ද විශේෂ වෙළෙඳ කුටි විශාල ප්‍රමාණයක්ද, අලුත් අවුරුදු ගෙදරක්ද මෙම ප්‍රදර්ශන පරිශ්‍රයේ ඉදි කර ඇත. ඒ හරහා විශේෂයෙන්ම සිංහල දෙමළ නිවෙස්වලට ආවේණික අලුත් අවුරුදු ආහාර රටාවන් ඉදිරිපත් කිරීමක් සිදුකර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

